ආණ්ඩුවෙන් තාමත් කෙණහිලිකම් වෙනවා/ ගන්න සියලු තීරණ පක්ෂය වෙනුවෙන් – රාජ්‍ය ඇමති දයාසිරි

Sri Lanka

වත්මන් ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවන කෙණෙහිලිකම් තවමත් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පළාත් සභා මැතිවරණයට තනිව තරග කරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු මහ ලේකම්වරයාගෙන් විමසා සිටියා.

ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පවතින්නේ නම් එය නිවරදි කර ගනිමින් ඉදිරියට ගමන් කරන බවත් ආණ්ඩුව සමඟ ඉදිරියට යෑමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතිගාමී වන තීරණ නොගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *