හෙයියන්තුඩුවේ ලක්ෂ 23ක මංකොල්ලය සැලසුම් කළ නාටකයක් බව හෙළිවේ

Sri Lanka

රුපියල් විසිතුන්ලක්ෂ අසූහතර දහසක මුදලක් කොල්ල කෑ බවට හෙයියන්තුඩුව පොලිසියට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු සිදු කළ පැමිණිල්ලක් පරික්ෂා කිරීමේදී එම සිද්ධිය සැලසුම් කළ එකක් බව අනාවරණය වී තිබෙනවා.

පැමිණිල්ල සිදුකළ විධායක නිලධාරියා විසින් එම ආයතනයේ මුදල් ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් වියදම් කර එය පියවා ගැනීම සඳහා මෙලෙස ව්‍යාජ කොල්ලකෑමෙන් සිද්ධියක් රඟ දක්වා ඇති බව ඇති බව පරීක්ෂණවලදී අනාවරණවී තිබුණා.

සැකකරු පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන් මෙම මුදල බැංකුවේ තැම්පත් කිරීමට පැමිණෙන අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් එම මුදල කොල්ල කොල්ලකෑ බවයි.

පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා විසින් මෙම වංචාව සැලසුම් කරන ලද්දක් බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මෙම කොල්ලකෑමේ ජවනිකාවට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනාට ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු කර ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ එම මුදල් බෑගයේ තිබී ඇත්තේ රුපියල් 50,000ක පමණ මුදලක් බවත්ටත් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට යොදා ගත් යතුරුපැදිය මේ වන විටත් සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික ආයතන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *