සුපිරි බොලිවුඞ් රංගන ශිල්පී සල්මන් ඛාන්ට වසර 5ක සිර දඩුවමක් පනවා තිබෙනවා.
ඒ 1998 වසරේදී හම් සාත් සාත් හෙයින් සිනමා පටයේ රූගත කිරීම් අතරතුර බ්ලැක්බක් මුව වර්ගයේ සතුන් දඩයම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.
එම සිනමා පටයේ රංගනයෙන් දායක වූ සයිෆ් අලි ඛාන් / සොනාලි බෙන්ද්‍රෙ හා තාබු ඇතුලු පිරිසකටද මේ පිළිබද විවිධ අවස්ථාවල චෝදනා නැගුණා.
මෙම මුව විශේෂය දඩයම් කිරීමට තහනම් කර තිබෙනවා.
මෙම දඩුවමට අදාළව සල්මන් ඛාන් විසින් අභියාචනයක් හා ඇප අයදුම්පතක් අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :