දුම්රිය වැඩවර්ජනය අද පස්වරුවේ අවසන් නොවුණොත් කොලඹ නගරයේ රාජකාරි කටයුතුවලට පැමිණි පිරිස් වෙනුවෙන් පස්වරුවේ දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.
මේ අනුව පුත්තලම/ ගාල්ල/ අවිස්සාවේල්ල/ මහනුවර බලා මෙම දුම්රියන් ධාවනය කරවීමට නියමිතයි.
මේ අතර දුම්රිය වාර ප්‍රේවේශපත් සහිත මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසනවා.
දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුණ පෑමට සිදුවී ඇති අපහසුතාවන් සමනය කිරීම සදහායි මෙය ක්‍රියාත්මක වන්නේ.
මීට අමතරව දුම්රිය සීසන් පත පෙන්වා ඕනෑම අධිවේගී මාර්ගයක ගමන්කරන සුඛෝපභෝගී බස් රථයකද ගමන් කිරීමට ජනතාවට අවස්ථාව හිමිවනවා.

23987

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6052

දැනට රෝගීන්

118

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.