කොරෝනා සමග ආ අභියෝග ජයගත්තා / මෝදිගෙන් ප්‍රකාශයක්

කොරෝනා වසංගතය සමග පැමිණි සියළු අභියෝගයන් ඉන්දියාව විසින් ජයගත් බව එරට අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.
ඔහු කියා සිටියේ පසුගිය වසර තුල, සුළි සුළං සහ භූමිකම්පා වැනි ආපදා මෙන්ම කෘමි උවදුරු හා දේශසීමා අභියෝගයන්ට ද ඉන්දියාව සාර්ථකව මුහුණ දුන් බවයි.
කොරෝනා එන්නත් නිපදවීම හරහා ලෝකයෙට මේ මොහොතේ වැදගත්ම ස්ථානයක් බවට ඉන්දියාව පත්ව ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව කිසිදු පාර්ශවයකට ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීමට හෝ පසු බැස්වීමට ඉඩ නොදෙන බවයි ඉන්දීය අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *