සිරවූ නැව නිසා ලෝක වෙළදපලේ තෙල් මිල ඉහළට / ලංකාවට බලපෑමක් නෑ – ඇමති ගම්මන්පිල

සූවස් ඇළේ තෙල් නැවක් සිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව ඇති බවයි.
මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 3කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හා ඒ ආශ්‍රිතව යාත්‍රා කිරීමට බාධා මතුව ඇති තෙල් නෞකා මතයි.
ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 64 යි සත 57 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 යි සත 97 ක් ලෙස දැක්වෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *