මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වැඩිදුර විමර්ශන / ඉන්දීය මාධ්‍ය

අරාබි මුහුදේ ලක්ෂ්ද්වීප් දූපත් කලාපයේ මිනිකෝයි දූපතට ආසන්නයේ දී ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක තිබී හමුවූ මත්ද්‍රව්‍ය හා ආයුධ පිළිබද විමර්ශනයක් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
අරාබි මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකටයුතු විදේශීය බෝට්ටුවක් පිළිබද ලද තොරතුරු මතයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙම වැටලීම සිදුකර තිබුණේ.
එහි තිබී රුපියල් කෝටි 3,000 ක් වටිනා හෙරොයින් සහ ඒකේ 47 වර්ගයේ රයිෆල 5ක් ඉන්දියානු අත්අඩංගුවට පත්ව තිබුණා.
මාර්තු 18 වන දින මුර සංචාරයකදී සැක සහිත යාත්‍රා 3ක් හඳුනාගත් බවත් ඒවයේ සිටි පුද්ගලයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පරස්පර ප්‍රකාශ සිදුවූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
වැඩිදුර ඒකාබද්ධ පරීක්ෂණ සඳහා මෙම බෝට්ටු තුන සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු කේරළයේ විජින්ජම් වෙත රැගෙන ගොස් තිබුණා.
මීට පෙර මාර්තු 5 වන දින ලක්ෂ්ද්වීප් මුහුදේ මෙහෙයුමක දී කිලෝග්‍රෑම් 260ක මත්කුඩු හා ලාංකිකයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බවයි එම වාර්තා හෙළිකර ඇත්තේ.
මෙම පිරිස් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටයි සැක පළව ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *