ලංකාවට ෆේස් බුක් නියෝජිත කාර්යාලයක් ?

ෆේස්බුක් සමාගමේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
සිංහල බසින් ෆේස් බුක් තුල ප්‍රකාශයට පත් කරන වෛරී අදහස් අත්හිටුවීමයි මෙම කාර්යාලය පිහිටුවීමේ යෝජනාවේ අරමුණ වන්නේ.
ජනාධිපති ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ ෆේස් බුක් නියෝජිතයින් සමග පැවැත්වෙන මීලග සාකච්ජාවේදී අදාළ ඉල්ලීම සිදුකරන බවයි.
අප්‍රේල් 4 වනදා දෙපාර්ශවය අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබුණධ එය සිදු නොවූ බවද ජනාධිපති ලේකම්වරයා බී ඩී පුවත් සේවයට සදහන් කර තිබෙනවා.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :