කොරෝනාවෙන් උගත යුතු පාඩම ඉන්දීය ජනපති හෙළිකරයි

කොරෝනා වසංගතය මගින් සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇතැයි ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් මහතා පවසනවා.
ඉන්දීය සෞඛ්‍ය අංශයේ උත්සවයක් අමතමින් ඉන්දීය ජනාධිපතිවරයා පවසන්නේ , සමාජයන් තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්කම පසුගිය සමයේ දී වටහාගත හැකිවූ බවයි.
ඒ අනුව ඉන්දියාවේ සෞඛ්‍ය සේවය ප්‍රමාණවත් මට්ටමින් වර්ධනය කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
කොරෝනා වසංගතය හමුවේ සාර්ථක වූ රටවල් මෙන්ම අසාර්ථක වූ රටවලින් පාඩම් ඉගෙනීමට ලෝකයටම හැකි බවයි රාම්නාත් කෝවින්ද් මහතා සදහන් කළේ.මෙය සමස්ථ ලෝකයේ සෑම රටකටම පොදු බව ද ඔහු අවධාරණය කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *