මැණික් පතලක සිරවූ දෙදෙනෙකු ජීවිතක්ෂයට

Sri Lanka

අවිස්සාවේල්ල, වෙරළුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පතල තුළ සිරවී මියගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇති බවයි.

ඊයේ පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබිණි.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාගේ මරණය සිදුවූ ආකාරය පිළිබද පරීක්ෂණයක් පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *