අපි පරිසරයට ආදරය කරන ආණ්ඩුවක්/ විපක්ෂය තාවකාලික වින්දනයක් ලබනවා – ඇමති ජොන්ස්ටන්

Sri Lanka
මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
කුරුණෑගල  කෙබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

”දැන් විපක්ෂයේ අලුත්ම නාටකය තමයි දියවන්නාවේ වතුර කහපාට වෙලා තියනවා කියන එක. එතුමාගෙ තාත්තා ජනාධිපතිවෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පොකුණේ වතුර ටික යවන්නේ දියවන්නා ඔයට. නමුත් දැන් දියවන්නාවෙ වතුර කහපාට වෙලා තියෙන්නේ ඒ වතුර යවලා නෙවෙයි. ඇල්ගී විශේෂයක් ඇවිත් තියනවා මේ වතුරට. මේ තත්ත්වය මාස දෙකක් පුරාවට තියෙනවා. මේ සම්බන්ධ වාර්තා මම හොදින් බැලුවා.

ඒ  වතුරේ ස්වරූපයටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අල්ලාගෙන මතයක් ගොඩනගන්න විපක්ෂය හදනවා. තමන්ගේ පාර්ලිමේන්තුව පහලට දමන්න හදනවා. මේ තමයි ඔහු කටයුතු කරන ආකාරය. ඔහු තමයි ඔහුගේ නිවාස හදන ව්‍යාපෘතියෙදි ගස්කපනව බලාගෙන හිටිය නායකයා. ඒ වගේම රිෂාඩ් බදියුර්දීන් අක්කර සිය ගානක් කපද්දි නිශ්ෂබ්දව හිටපු නායකයා තමයි අද මේ දැන් අපේ ආණ්ඩුව ගස් කපනවා කියලා ඇගිල්ල දික්කරලා කෑගහන්නේ. අපි පරිසරයට ආදරෙයි. අපි අපේ අමාත්‍යාංශය හරහා විතරක් පැල මිලියනයක් රෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා.  දැනටත් අපි පැල 75,000 තවන් දාලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක පරිසරයට ආදරය කරන ආණ්ඩුවක් කියලා. ඔවුන් තාවකාලික වින්දනයක් ලබනවා අපි පරිසරයට හානි කරනවා කියලා.”

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *