අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී රන්ජන්ට දුන් දඩුවම අවසන්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රන්ජන් රාමනායක මහතාට අමුත්තන් හමුවීමට පනවා තිබු තහනම ඉවත් කර තිඛෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලංකා ඒ නිව්ස් වෙත පැවසුවේ රන්ජන් රාමනායක මහතාට අමුත්තන් හමුවීමට නැවත අවස්ථාව ලබා දී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා සමග බන්ධනාගාරය තුළ දී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතාට අමුත්තන් හමුවීම තාවකාලිකව තහනම් කෙරුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *