උත්සව සමයේ පොල්තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක්

Sri Lanka

එළඹෙන උත්සව සමයේදී රට තුළ පොල්තෙල් හිඟයක් ඇති විය හැකි බවට පොල්තෙල් ආනයනකරුවන් අනතුරු අගවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට දෛනික පොල්තෙල් පරිභෝජන අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 300ත්, 350ත් අතර පවතින බවයි.

කෙසේ වෙතත්, ආනයනික පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු බවට අනාවරණ වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනයට පසුගියදා නියෝග කර තිබුණා.

අනතුරුව අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් නොවන බවට තවදුරටත් තහවුරු කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙහි ගබඩා මුද්‍රා තැබීමටයි පියවර ගනු ලැබුවේ.

මෙම තත්ත්වය හමුවේ ආනයනික පොල්තෙල් වෙළදපොළට නිකුත් කිරීම අඩාල වී තිබෙනවා.

මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ 80,000ක් පමණ වනවා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *