අනධ්‍යයන සේවක සාකච්ජා අසාර්ථකයි / වර්ජනය අඛණ්ඩව

සරසවි අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නිමා කිරීමට අදාළව පැවැත්වූ සාකච්ජාව අසාර්ථකවීම හේතුවෙන් තවදුරටත් වැඩ වර්ජනයේ නිරතවීමට සරසවි අනධ්‍යයන සේවකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.ඒ අනුව පෙබරවාරි 28 වනදා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පෙරට ගෙන යන බවයි එම සංගමයේ සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා කියා සිටියේ.
අද කොටුව දුම්රිය පල ඉදිරිපිටදී සරසවි අනධ්‍යයන සේවකයින් විරෝධතාවයක නිරතවූ අතර පසුව ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ඔවුන් ගමන් කළද ඊට අවසර හිමිවූයේ නැහැ.
පසුව ජනාධිපති අතිරේක ලේකම්වරයා සමග විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් සාකච්ජාවක් පැවැත්වූ අතර එයද අසාර්ථකවී තිබෙනවා.
මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල කටයුතු අඩපණව ඇති අතර අභ්‍යන්තර හා බාහිර විභාග කටයුතුද දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :