එජාප දේශපාලන මණ්ඩලය පස්වරුවේ රැස්වෙයි/ ශ්‍රීලනිප ඇමති 16 ගැන අවධානය

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මකවීම සදහා පත් කරන ලද දේශපාලන මණ්ඩලයේ විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදීයි.
මෙහිදී පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළේ.
මේ අතර විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා රජයට එරෙහිව ජන්දය භාවිත කළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
එසේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිවූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් තවදුරටත් අමාත්‍ය ධූර දැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දැඩි විරෝධයක් පවතින අතර අදාළ අමාත්‍යවරුන් එම ධූරවලින් ඉවත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
එම අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් ලෙස රජයේ හෝ විපක්ෂයේ කටයුතු කිරීම පිළිබද කිසිදු විරෝධයක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර විශ්වාසභංගයේදී ජන්දය භාවිතා නොකළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 25 දෙනා සමග රජය ඉදිරියට ගෙනයාමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවද අමාත්‍යවරයා සදහන් කළා.
රටේ අනාගතය වෙනුවෙන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට රජය අභ්‍යන්තරයේ සිට කවරකු හෝ උත්සාහ කරන්නේ නම් ඊට ඉඩදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති බවයි ජේ සී අලවතුවල නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :