උත්සව සමයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

අප්‍රේල් පළමු වනදා සිට විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එළඹෙන උත්සව සමය තුළ මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් ද උත්සව සමය තුළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

විවිධ පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයිග

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *