ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය දින 3කට වසා දමයි

Sri Lanka

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයන් 4 දෙනෙකු හමු වීමත් සමග ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වසා දමා තිබෙනවා.

දින 3 ක කාලයක් සදහායි බ්‍රිස්බේන් නගරය මෙලෙස වසා දමා ඇත්තේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා, සෞඛ්‍ය කටයුතුවලට හැර නිවෙස්වලින් බැහැර වීමට අවසර හිමිවන්නේ නැහැ. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වෛරස නව ප්‍රභේදය එම ආසාදිතයන්ට වැළදී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. මිලියන 2 ක ජනගහණයක් වාසය කරන බ්‍රිස්බේන් නගරය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 3 වන විශාලතම නගරය ද වනවා. ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයන් 29200 දෙනෙකු හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 909ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *