අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට අදාළව භාරදුන් ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාරගෙන තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ පැවැති නිදහස් පක්ෂ විශේෂ සාකච්ජාවේදීයි.
මෙහිදී සම්මුති රජයෙන් ඉවත්විය යුතු බවට ඉදිරිපත්වූ යෝජනාව මීළග සාකච්ජාවේදී සලකා බැලීමටයි තීරණය කර ඇත්තේ.

ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සදහන් කළා.

ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් –  සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක

ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැතිවරුන් –  ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක

ඉල්ලා අස්වූ නියෝජ්‍ය – සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා

නියෝජ්‍ය කතානායක – තිලංග සුමතිපාල

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :