කෝටි 17 ක රත්රන් සමග 3න් දෙනෙක් කොටුවේ

රුපියල් කෝටි 17කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමඟ  3 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක දිනේෂ් බණ්ඩාර මහතා කියා සිටියේ තලෙයිමන්නාරම් මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
බෝට්ටුවක ආධාරයෙන් මුහුදු මාර්ගයෙන් දිවයිනේ සිට ඉන්දියාවට රැගෙනයමින් තිබියදී මෙම රත්‍රං තොගය සොයාගෙන තිබෙනවා.
 ග්‍රෑම් 100 බැගින් වූ රත්‍රං බිස්කට් 242ක් එහිදී හමුව සොයාගත් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
 අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා සහ රත්‍රං තොගය යාපනය රේගු කාර්යාලයට භාරදීමට නියමිතයි.
5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :