සූවස් ඇළේ නැව බේරාගත්තත් තවත් අභියෝග රැසක් / ඊජීප්තුව කියයි

සූවස් ඇළේ සිරවී පැවැති එම් වී එවර් ගිවන් නෞකාව මුදා ගනු ලැබුවද තවත් අභියෝග රැසක්ම ඉතිරිව පවතින බව සූවස් ඇළ පාලන අධිකාරිය පවසනවා.
අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි ප්‍රධානි ජෙනරල් ඔසාබා රාබි මේ බව පැවසුවා.
ඔහු කියා සිටියේ මුදාගත් නෞකාව ඉදිරියට යාත්‍රා කිරීම සඳහා වඩදිය මතුවන තුරු බලා සිටින බවයි.
මේ වන විට මීටර 100 ක් පමණ දුරකට නෞකාව ඇදගෙන ගොස් තිබුණ ද නෞකාව ඇල මධ්‍යයේ යාත්‍රා කළ හැකි මට්ටමට මෙතෙක් ළගාවී නැහැ.
මේ අතර එම මෙහෙයුම අද දිනයේ නිමා කළ ද සූවස් ඇළ නාවික ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට දින 3ත් 4ත් අතර කාලයක් ගත වන බවයි සූවස් ඇළ පාලන අධිකාරිය සදහන් කළේ.
මේ දක්වා නෞකා 369ක් සූවස් ඇළ තුල යාත්‍රා කිරීමේ අපේක්ෂාවෙන් එහි රැදී සිටිනවා.
කෙසේ වෙතත් එය ප්‍රමාද වන සෑම මොහොතක් පාසාම ජාත්‍යන්තර රක්ෂණ සමාගම් දැවැන්ත අලාභයකට ලක්වෙමින් පවතින බව ද වාර්තා වනවා.
ඒ මෙම නෞකාවන් හා භාණ්ඩ වෙනුවෙන් වගකීමට රක්ෂණ සමාගම් බැදී සිටීම මතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *