සරසවි අනධ්‍යයන සේවක වර්ජනය දින 43ක පසු අවසන්

පෙබරවාරි 28 වනදින සිට ක්‍රියාත්මක කළ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.
විද්‍යාල අනධ්‍යයන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කළේ මූලික වැටුපෙන් සියයට 35 ක් ලෙස දැනට ලබා දෙන මාසික හිලව් දීමනාව තවත් සියයට 10කින් වැඩි කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
ලබන 17 වැනි දා වන විට සේවය වාර්තා නොකරන අනධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊයේ දිනයේදී නිවේදනය කර තිබුණා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :