පකිස්ථානයට එරෙහිව යුරෝපා සංගමයට ඉල්ලීමක්

1971 වසරේ දී පකිස්තානය විසින් බංග්ලාදේශයේ සිදුකළ හිංසන ක්‍රියා සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලා යුරෝපා සංගමයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.
1971 වසරේ බංග්ලාදේශයේ හටගත් හින්දු ජන කොටස්වලට එරෙහි විරෝධතාවලදී , ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනය කර දහස් සංඛ්‍යාත හින්දු කාන්තාවක් අතවරයට ලක් කළ බවටයි පකිස්ථානයට චෝදනා එල්ල වන්නේ.
මේ යටතේ පියවර ගන්නා ලෙස බල කරමින් පසුගියදා බ්‍රසල්ස් හීදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
ඒ 1971 සිදුවීමේ 50 වන සංවත්සරය වෙනුවෙනුයි.
මෙම විරෝධතාවයට බංග්ලාදේශ ජාතිකයන් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *