යුද්ධයෙන් මියගිය රණවිරුන්ගේ පවුල්වල ඥාතින් උපවාසයක

Sri Lanka

යුද්ධයේදී මියගිය හා අතුරුදන් වූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසදුම් ලබා දෙන්නැයි ඉල්ලා රණවිරු පවුල්වල ඥාතීන් සහ මහජන යුතුකම් කේන්ද්‍රය අද ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිට උපවාසයක නිරත විය.

එම උපවාසයට මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන හිමියන් ද එක්ව සිටියා.

යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට දිවි ඇති තෙක් වැටුප් ලබාදීමට ආණ්ඩුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසීම සඳහා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

කෙසේවෙතත් මීට පෙර පැවති සාකච්ඡාවකදී ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන බවට ආරක්ෂක ලේකම්වරයා පොරොන්දු වී තිබුණ ද මෙතෙක් එම පොරොන්දු ඉටුවී නොමැති බවයි යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතින් පැවසුවේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *