ලොරි රථ රියදුරෙකුට මහ මගදී පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

Sri Lanka

පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ  අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අද (30)  නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

පොලිස් කොස්තාපල්වරයා රියැදුරැට පහර දෙන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග මෙම පරික්ෂණය ආරම්භ කර තිබුණා.

රියැදුරු අත වරදක් තිබුණ ද මහපාරේදි මේ අයුරින් පහරදීම කිසිසේත්ම අනුමත නොකරන බවයි අජිත් රෝහණ මහතා සදහන් කළේ.

අදාළ අනතුරින් තුවාල ලැබූ මහරගම පොලිසියේ රථවාහන අංශයේ සථානාධිපතිවරයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම පොලිස් නිලධාරියා අදාළ පුද්ගලයාට පහර දී බිම ඇද වැටුණු පසු යළිත් පහර දෙන ආකාරයයි අදාළ වීඩියෝවේ සටහන්ව ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *