පාර්ලිමේන්තුව කල් තිබ්බට විසුරුවන්නේ නෑ / ජනාධිපති ලේකම් කියයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දමනු ලැබුවද ඒ සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතැයි තමන් නොසිතන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනපේක්ෂිත පියවරක් ගනිමින් හදිසියේම පාර්ලිමේන්තුව කල් තබනු ලැබීම සම්බන්ධයෙන් බී බී සී සිංහල සේවය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම්වරයා මේ බව කියා සිටියා.

බ්‍රහස්තින්දා රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කර තිබුණේ මැයි 8 වනදා යලි පාර්ලිමේන්තුව කැදවන බවයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (3) වගන්තිය ප්‍රකාර, පාර්ලිමේන්තුව කල් දමා තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන බවට අදහස් පලවෙමින් පවතිනවා.

මින් පෙර බලයේ සිටි ජනාධිපතිවරුන් විසින් ද පාර්ලිමේන්තුවේ මෙවැනි වාරාවසාන කිරීම් සිදු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ අවස්ථාවේ ද ජනාධිපතිවරයා තමන්ට පැවරී තිබෙන බලතල ක්‍රියාත්මක කර තිබෙන බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම මගින් රජයේ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමටත්, මාස දෙකක කාලයක් නොඉක්මවන දිනයක දී යළි ඊළඟ වාරය පටන් ගැනීමේ දිනයක් නියම කිරීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට බලය පැවරෙනවා.

මේ අතර පසුගිය බදාදා (අප්‍රේල් 11) පදවිවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිස ලබන අප්‍රේල් 19 වෙනි දින පාර්ලිමේන්තුව රැස් වූයේ නම් විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබුණා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :