රතිඤ්ඤා හඩ කන් අඩියට හානිකරයි /විශේෂඥ වෛද්‍යවරු කියයි

රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි දල්වා පිපිරවීමේදී ඒවායින් නැඟෙන අධික ශබ්දය හේතුවෙන් ඒ අසල ගැවසීමෙන් කන් අඩියට හානි වීමේ දැඩි අවදානමක්‌ පවතින බව උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසනවා.
ඇය මෙම අදහස් පළ කළේ පසුගියදා කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
මෙම තත්ත්වය මත රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාවිතය අවම කිරීමෙන් හා ඒවා දැල්වීමේදී ඒ ආසන්නයේ නොසිටීමෙන් කනට සිදුවන හානිය වළක්‌වා ගත හැකි බවයි වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය අවධාරණය කරන්නේ.
ගිනිකෙළි අනතුරුවලින් රෝහල් ගත වන බොහෝ දෙනකුගේ කන් අඩියට හානි සිදුව ඇති බව පසුගිය සමයේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබෙනවා.
මේ අතර අවුරුදු සමයේ අධික බීමතින් රිය පැදවීම සිදු නොකළ යුතු බවත් ජලාශවල හෝ මුහුදේ ස්‌නානය කිරීමට යැමේදී ජල මට්‌ටම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :