සූවස් ඇළේ සිරවූ නැවේ කාර්ය මණ්ඩලයට නඩු / කපිතාන්ගේ නාවික දිවිය අවසන්

සූවස් ඇලේ සිරවූ බහාලුම් ප්‍රවාහන එවර් ගිවන් නෞකාවේ සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
පසුගිය මාර්තු 23 වැනිදා සූවස් ඇල හරස් කරමින් සිර වූ මෙම නෞකාව නිදහස් කරගනු ලැබුවේ,දින 6කට පසුවයි
මෙමගින් ලෝකයට ඩොලර් බිලියන 60කට අධික අලාභයක් සිදුවුණා.
එය ලෝකයේ මිල අධිකම නෞකා අනතුරක් ලෙසයි නම් වන්නේ.
මේ අනුව නැවේ කපිතාන්වරයා සහ තවත් බලධාරීන් කිහිප දෙනෙක් හට යළි නාවික කටයුතුවල යෙදීමේ තහනම් නියෝග නිකුත් කරනු ඇති බව වාර්තාවනවා.
පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් රදවා ගැනීමට ද නියමිත බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
අනතුරුට පත් වන අවස්ථාව වන විට වැලි කුණාටු තත්ත්වයක් මෙන්ම නෞකාව සූවස් ඇලේ ගමන් කිරීමට නියමිත වේගයට වඩා වැඩි වේගයකින් නෞකාව ගමන් කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
මෙමගින් ඊජීප්තුවට සිදුවූ අලාභ්‍ය ඩොලර් මිලියන 100 ක්.
ජාත්‍යන්තර රක්ෂණ සමාගම් ද මේ සමග දැඩි අර්බුධයකට පත්වුණා.
නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටින ඉන්දීය ජාතිකයින් 25 දෙනාට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ද ඊජීප්තු මාධ්‍ය සදහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *