පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කිරීම පොදු අපේක්ෂකයා ලෙස රට හමුවේ ලබාදුන් පොරොන්දු ජනාධිපතිවරයා විසින් කඩ කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විශේෂ මහාධිකරණ පනත් කෙටුම්පත හා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට අදාළ මන්ත්‍රී යෝජනාව ගෙන ඒමට ජනාධිපතිවරයාගේ තීරණයෙන් බාධා මතුව ඇති බවයි.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270