අවුරුදු සමයේ කුකුළු මස් කිලෝවක මිල 800ක් පනින ලකුණු

Sri Lanka

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සරත් අත්තනායක මහතා ප්‍රකාශ කළේ සත්ව ආහර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති හෙයින් සාමාන්‍ය නිෂ්පාදකයින් කුකුල් මස් නිෂ්පාදනයෙන් ඉවත්වෙමින් යෑම මීට හේතුවී ඇති බවයි.
එය ප්‍රයෝජනයට ගනිමින් මහා පරිමාණ කුකුල් මස් නිෂ්පාදකයින් පස්දෙනෙකු කුකුල් මස් හිඟයක් මවා මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පෙන්වා දෙනවා.
මේ වන විට වෙළෙඳපොළ තුල කුකුල් මස් කිලෝවක් රුපියල් 550ත් 600ත් පවතින අතර බිත්තරයක තොග මිල රුපියල් 12 ත් 15ත් අතර පවතිනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *