ලොරි රියදුරකුට පහරදුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

ලොරි රථ රියදුරෙකුට පන්නිපිටියේදී පහරදීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර අදාල ලොරි රථ රියැදුරුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ පොලිසියේ ගෞරවයට හානි කර ක්‍රියාකාරකම්වල නිරත වන සියළු නිලධාරීන්ට එරෙහිව නොපැකිලිව පියවර ගන්නා බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *