පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගෙන්වීම ගැන විමර්ශනයක් කරන්න / සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි , සමග ජන බලවේගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ , සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා විසින්.
සමාගම් 3ක් විසින් ගෙන්වූ පොල් තෙල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 18 ක , ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකාකාරකය අඩංගු බව දෙවන පරීක්ෂාවෙන් ද හෙළිවී ඇතැයි එමගින් පෙන්වා දෙනවා.
මෙම පොල් තෙල් වලින් කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය සඳහා යොමුකර ඇත්දැයි හෙලිකර ගැනීමට පවා මෙතෙක් අසමත්ව ඇති බවයි , මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
මෙය සමාජයේ සෞඛ්‍යයට බරපතල අවදානමක් බැවින් ඒ පිළිබද කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් සිදුකර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *