ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 අප්‍රේල් 20 වන සිකුරාදා, දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින යෙදුණු අප්‍රේල් 14 දා සෙනසුරාදා දිනයක් වීම නිසා මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති බවයි මහ බැංකුව විසින් නිකුත් කළ නිවාඩු දින ඇතුලත් සටහනේ දැක්වෙන්නේ.

2018 අප්‍රේල් 20 සිකුරාදා දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා විසින් තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

මෙම විශේෂ දින භාගයක නිවාඩුව, බැංකුවලට පමණක් අදාළ වන අතර එය රජයේ හෝ වෙළෙඳ නිවාඩුවක් ලෙසින් ප්‍රකාශයට පත් කර නැහැ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :