මහින්දානන්දට ඇප / විදෙස් ගමන් තහනම්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍යවරයා මුදා හැරුණු අතර ඔහුට විසෙදස් ගමන් තහනමක්ද පැනවුණා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් අනුව අලුත්ගමගේ මහතා අද ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගැණුනේ.
2014 ජනාධිපතිවරණ සමයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට අලාභ කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :