රන්ජන්ගේ පෙත්සම විභාගය ගැන තීන්දුව අප්‍රේල් 05 වනදා

රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා “නොතීසි නිකුත් කරන්නේද නැද්ද” යන්න තීන්දුව ප්‍රකාශකිරීම ලබන මස 05 වනදා දක්වා කල්තබන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ තීන්දුව මේ දක්වා සූදානම් කර නොමැති බවයි.

ඒ අනුව, එම තීන්දුව ලබන 05 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *