කඩු හයදාහක් ගෙන ඒම ගැන හොයන්න CID කණ්ඩායම් දෙකක් විමර්ශනයක

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු හයදහසක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන සිදු කෙරෙන බව නීතිපතිවරයා අභියචනාධිකරණයට අද (31) දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සම කැදවනු ලැබූ අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මෙම දැනුම්දීම සිදු කළේ.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඕබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා. පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ නායකත්වයෙන් යුතුව විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි රජයේ නීතිඥවරිය සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *