රන්ජන්ට සමාවක් ලැබෙයි /සාධාරණයක් කරන්නත් යෝජනාවක් -මහින්දානන්ද අලුත්ගමගේ (AUDIO)

සිර දඬුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව 2016 වසරේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගොනුකරන ලද නඩුව ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මෙහිදී අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව ඉල්ලා අස්කරගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ , තමන් රන්ජන් රාමනායක මහතාට සමාව දුන් බවයි.

එසේම මන්ත්‍රීවරයාට යම් සාධාරණයක් ඉටුවිය යුතු බව තමන් අපේක්ෂා කරන බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊට අදාළ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි මහින්දානන්ද අළුත්ගමගේ මහතා සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *