උඩවලවේ රම්බෝ හොරොව්පතානට ගෙන යන්න එපා / පරිසරවේදීන් විරෝධයේ – (VIDEO)

රම්බෝ ලෙස ප්‍රකටව සිටින උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලියෙකු වෙනත් ස්ථානයකට රැගෙන යාමට වනජීවි නිලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බව පරිසරවේදීන් පවසනවා.
එම වනඅලියා අද හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට නියමිතව තිබුණා.
මේ අතර අප වාර්තාකරු සදහන් කළේ , ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකින් පසු එම සත්ත්වයා එම ස්ථානයෙන් ඉවත් නොකිරීමට අමාත්‍ය විමලවීර දිසානායක මහතා එකඟ වූ බවයි.
එහෙත් වනඅලියා අල්ලාගැනීමට මේ වනවිටත් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *