එක්සත් ජාතීන්ගේ රසායනික අවි විමර්ෂණ ඒකකයේ නිලධාරීන් අද දිනයේදී සිරියාවේ ඩූමා නගරයට ඇතුලුවීමේ සූදානමකින් පසුවන බව බී බී සී පුවත් සේවය පවසනවා. එම වාර්තා සදහන් කරන්නේ සිරියානු රජයේ බාධාවක් මේ සදහා මතු නොවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි.
පසුගියදා රසායනවික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට සිරියානු රජයට එරෙහිව එල්ලවන චෝදනා පිළිබදව පරීක්ෂණ සිදුකිරීම මෙහි අරමුණයි.
මේ සම්බන්ධ පරීක්ෂණ කණ්ඩායම සිරියාවට ලගාවූ බව එක්සත් ජාතීන්ගේ සිරියානු නියෝජිතයා ඊයේ දිනයේදී පිළිගෙන තිබුණා.
ගුවන් යානා යොදාගනිමින් බැරල් බෝම්බ හා රසායනික අවි හෙළා 40 දෙනකු ඝාතනය කිරීම හා 500කට තුවාල සිදුකළ බවටයි සිරියාවට චෝදනා එල්ලවන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :