හම්බන්තොට වරාය ගැන චීනයෙන් පැහැදිලි කිරීමක්

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය කිසිදු ආකාරයේ හමුදාමය ව්‍යාපෘති සදහා භාවිතා නොකරන බව චීන රජය යළි අවධාරණය කරනවා.
චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හුවා චුන්යින් මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බීජිං හී දී පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින්.
හම්බන්තොට වරාය දෙරටටම ප්‍රතිලාභ අත්වන සමාජ ආර්ථික වැඩපිළිවෙලක් වෙනුවෙන් භාවිතා කරන බවත් චීනයේ නව සේද මාවත ව්‍යාපෘතියේ එය සන්ධිස්ථානයක් වනු ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබෙනවා.
ඒ පිළිබද ශ්‍රී ලංකාව හා චීනය අතර පැහැදිලි අවබෝධයක් පවතින බවයි ඔහු කියා සිටියේ.
එබැවින් හම්බන්තොට වරාය හමුදාමය ව්‍යාපෘති සදහා යොදවනු ඇතැයි බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මෙහිදී අවධාරණය කෙරුණා.
මෙම ව්‍යාපෘතිය තුලින් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට ජනතාවටද පැහැදිලි වාසියක් අත් වන බවයි චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හුවා චුන්යින් මහතා අවධාරණය කර ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :