රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි තොරතුරු රටේ ජනතාව අතරට ගලා නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඇතැම් මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි පටු දේශපාලන අරමුණු සහ වාණිජ අරමුණු උදෙසා සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට උත්සාහ දැරීම එයට ප‍්‍රමුඛ හේතුවක් වී තිබෙන අතර රටේ සියලු ක්ෂේත‍්‍රවලට වත්මන් රජය යටතේ හිමිව ඇති නිදහස ඔවුන් නිසි අයුරින් අවබෝධ කර ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා සදහන් කරන්නේ.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ලන්ඩන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් අතර පැවැති හමුවේදීයි මේ බව අවධාරණය කෙරුණේ.

පසුගිය වසර 03 පුරාවට තම ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් ඉටුකළ හැකි උපරිම වගකීම් ඉටුකිරීමට රජය කැපවූ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා  රට තුළ සහජීවනය සහ සංහිඳියාව ස්ථාපිත කර රටට ලැබුණු සාමය ස්ථීර සාර සාමයක් බවට පත්කිරීම එහි ප‍්‍රමුඛ කාර්යයක් බවයි ප්‍රකාශ කළේ.

එමෙන්ම රට සංවර්ධනය කරා ගෙනයමින් රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා දියත් කළ ආර්ථික සැලසුම් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගෙන ඇති අතර, මාතෘභූමියට එරෙහි වූ ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරමින් ජාත්‍යන්තර වශයෙන් පසුගිය වසර 03 තුළ ලබාගත් ජයග‍්‍රහණ ද සුවිශේෂී බව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :