පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන්ගේ වීඩියෝවක් මුදා හළ සැකකරු අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට අදාළව හා අන්තවාදයට සහාය දීමේ චෝදනා මත පුද්ගලයන් 4දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මේ අතරින් එක් අයකු ,පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා බවයි.
ඔහු ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් පුද්ගලයකු ද සමගයි.
මේ අතර 2018 වසරේ අවසන් සමයේ මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ තවත් පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මූතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් විසින් 2018 දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා එලෙස පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *