චීනයෙන් ලැබුණු කොරෝනා එන්නත ලංකාවේ ලියාපදිංචි කර නැහැ

Sri Lanka

චීනයේ ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් කොවිඩ් එන්නත මෙතෙක් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

සිනොෆාම් එන්නත නිෂ්පාදනය කළ චීන සමාගම විසින් එන්නත ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය දත්ත ලබා නොදී එන්නත පාවිච්චි කරන රටවල ලැයිස්තුවක් පමණක් මෙරටට ලබා දී ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය අසෝක ගුණරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම එන්නත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිකරන තෙක් එය මෙරට පුරවැසියන්ට ලබාදීම පිළිබඳ සිය සංගමය විරෝධය පළ කරන බව විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

සිනොෆාම් එන්නත මෙරට ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර ඇති බවත් අනුමැතිය ලබාදුන් විගස මහ ජනතාවට එන්නත ලබාදීමට කටයුතු කරන බවත්, එයද මාත්‍රා දෙකක් වශයෙන් ලබාගත යුතු බවත් කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනිය සඳහන් කරයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *