බෝපත්තලාවේදී උගුලකින් බේරාගත් කඳුකර කොටියා මරුට

බෝපත්තලාව රජයේ වතුයාය තුලදී මද්දකට හසුවී සිට බේරාගත් කඳුකර කොටියා මියගොස් තිබෙනවා.
අවුරුදු 10 ක් වයසැති එම කඳුකර කොටියා අඩි 8 ක් පමණ දිගින් යුක්තයි.
නුවරඑළිය වනජීවි නිලධාරීන් විසින් පසුගියදා බේරා ගත් එම කඳුකර කොටියා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව තිබුණා.
මද්දෙන් කොටියාගේ උදර ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා කොටියා මියගිය බව වනජීවි පශු වෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා සඳහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *