එජාප දේශපාලන මණ්ඩලය අද රැස්වේ / තීරණාත්මත තීන්දු ගන්න සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරු 3ට යළි රැස්වනවා. ඒ දෙවන වරටයි. අද දිනයේදී පක්ෂයේ තනතුරු සම්බන්ධ වෙනස්කම් හා රජයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබද එක්සත් ජාතික පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ජා කරන බවයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
අප්‍රේල් 30 වනදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනමාතත්‍යශුරු සියල්ල වෙනස් කිරීමට නියමිත අතර එම සාකච්ජා මේ වන විට අවසන් අධියරට පැමිණ ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
සම්මුති රජය ඉදිරියට ගෙන යාමේදී වඩාත් පැහැදිලි ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බැවින් අලුත් අවුරුද්දත් සමග රජය නව ගමනකට ප්‍රවේශ කිරීම අරමුණ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
ඒ අනුව ගත යුතු තීරණාත්මක තීන්දු පිළිබද අද පැවැත්වෙන දේශපාලන මණ්ඩලයේදී අවසන් තීන්දුවකට එළඹීමේ හැකියාව පවතින බවද ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා අවධාරණය කළේ.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :