හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියම් ටැංකියකට පුද්ගලයෙක් වැටීමෙන් පසු සිදුවූ අනතුරකින් 5 දෙනකු මියගොස් 14 දෙනකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සදහන් කළේ ඇමෝනියා ටැංකියට වැටුණු පුද්ගලයා බේරා ගැනීමට අනෙක් පුද්ගලයන් උත්සාහ දැරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
සිදුවීමෙන් තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් සිහිසුන්ව සිටින අතර ඔවුන් හොරණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :