ප්‍රමිතියෙන් තොර අට පිරිකර හා පාත්‍ර ඇතුලු පූජා භාණ්ඩ අලවි කරන වංචනිකයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ට අටපිරිකර වශයෙන් ලබාදුන් පිරිකරක ගඩොල් භාගයක් තිබී සොයාගෙන ඇති බවයි.
තායි අටපිරිකරක් වශයෙන් නම් කර මෙම පිරිකර ලබාදී ඇති බවයි හෙළිව ඇත්තේ.
මේ සම්බන්ධව සොයා බලන්නැයි අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම්දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ ආකාරයට වංචනිකව පූජා භාණ්ඩ අලෙවි කරන්නන් හදුනා ගැනීම සදහා වැටලීම් ආරම්භ කරන ලෙසටයි පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :