ත්‍රීරෝද රථ සඳහා  මීටර් සවි කිරීම අනිවාර්්‍ය කිරීම අද සිට බලපැවැත්වෙනවා.
ඒ අනුව අද සිට සෑම ත්‍රීරෝධ රථයකම මීටර් පැවතිය යුතු අතර එම රථවල මගීන්ට ගමන අවසානයේ බිල්පතක්ද ලබාදිය යුතු වනවා. කෙසේ වෙතත් මීටර් නීතිය දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා ඊයේ අවධාරණය කළා.
මෙවැනි නීතියක් මගින් ත්‍රීරෝද රථ කර්මාන්තය කඩා වැටීමකට පත්වන අතර බලධාරීන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මීටර් සමාගම් පොහොසත් කර ඉන් කොමිස් මුදලක් උපයා ගැනීම බවද දිසානායක මහතා සඳහන් කරනවා.
කැමති පුද්ගලයින්ට මීටර් සවි කළ හැකි අතර මගීන්ට අවශ්‍ය නම් මීටර් සහිත ත්‍රීරෝද රථ පමණක් භාවිතා කිරීමේ හෝ නොකිරීමේ නිදහසක් තිබෙන බවද සභහපතිවරයා සදහන් කරනු ලැබුවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :