එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්මුති ආණ්ඩුව සදහා වන නව ගිවිසුම ලබන 24 වනදායින් පසු අත්සන් තබන බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළ නිදහස් පක්ෂයේ කමිටුව මේ වන විටත් සාධනීය තීන්දු රැසකට එළඹ ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා ලබන 24 වනදා දිවයිනට පැමිණි වහාම මෙම යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි අමුණුගම මහතා කියා සිටියේ.
එහිදී පක්ෂ දෙකේ මහලේකම්වරුන් විසින් නව ගිවිසුම අත්සන් තබන අතර එය පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාස 18 ක කාලයක් වලංගු වන ආකාරයටයි මෙම ගිවිසුම ඉදිරිපත් කරනු ලබන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :