පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම විසින් ඊට අදාළ ලිපියක් අග්‍රාමාත්‍යවරයාට භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.
නියෝජ්‍ය කථානායක ධූරය දැරූ තිලංග සුමතිපාල මහතා එම ධූරයේ ගෞරවයට හානිවන අයුරින් කටයුතු කළ බවටයි චෝදනා එල්ලවුණේ.
ඒ විශ්වාසභංග යෝජනාවේදී පක්ෂග්‍රාහීව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජන්ද ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් බවටද චෝදනා එල්ලවනවා.
කෙසේ වෙතත් නව නියෝජ්‍ය කථානායක ධූරය එක්සත් ජාතික පක්ෂය විසින්ම ලබාගත යුතු බවටයි මෙහිදී යෝජනා ඉදිරිපත්ව ඇත්තේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :