ජර්මනියේ ඩොයිෂ් බැංකුවේ මුදල් හුවමාරුවකදී අත්වැරදීමකින් ඩොලර් බිලියන 35ක මුදලක් වෙනත් ගිණුමකට බර කර තිබෙනවා.
එම බැංකුව නිවේදනය කළේ බැංකුවේ මුදල් අභ්‍යන්තර ගිණුම් දෙකක් අතර හුවමාරු කිරීමේදී එම දැවැන්ත මුදල ගණුදෙනුකරුවකුගේ ගිණුමකට තැන්පත්ව තිබූ බවයි.
කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුල මෙම දෝෂය හදුනාගෙන ඇති අතර වහාම යළි එම මුදල් බැංකුවේ ගිණුමට ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
මෙම මුදලේ සාමාන්‍ය වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5250 කට ආසන්නයි.
එය ඩොයිෂ් බැංකුවේ සමස්ථ වත්කම වන ඩොලර් බිලියන 30ටත් වඩා වැඩි මුදලක් බවයි එහි ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අනාවරණ කළේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :